Team

Esse dolorum voluptatum ullam est sint nemo et est ipsa porro placeat quibusdam quia assumenda numquam molestias.

ලෝක නගර දින උත්සවය

ලෝක නගර දින උත්සවය ,ප්‍රදර්ශනය ,චිත්‍ර තරගය,ගී ප්‍රශංගය සාර්ථක ලෙස ඔක්තෝබර් 31 වෙන්නප්පුව ප්‍රාදේශීය සභා කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී.ඒ සදහා දායකත්වය ලබා දුන් නාගරික සංවර්ධන අධිකාරියේ කාර්ය මණ්ඩලය ,නගර නිර්මාණ ශිල්පීන්ගේ ආයතනයේ කාර්ය මණ්ඩලය ,වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය වෙත ස්තුතිය පුදකර සිටිමි .එම අවශ්ථාවට එක් වූ ගරු අමාත්‍ය චන්දන අබේරත්න මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් වෙත හා පුත්තලම දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් වෙත ස්තුතිය පුදකර සිටිමි .මෙම උත්සවය සදහා අනුග්‍රහය ලබා දුන් ව්‍යාපාරික ආයතන වෙතත් ස්තුතිය පුදකර සිටිමි . 

ක්‍රීඩා දිනය 2025.09.21

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ පළාත් පාලන සතිය ක්‍රීඩා දිනය හා සමාප්ති උත්සවය සැප්තැම්බර් 21 දින නයිනමඩම වෙල්ලමංකරය වෙරළ උද්‍යානයේ දී පවත්වන ලදී.එම අවස්ථාව සදහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මැතිතුමා ,වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ඇන්ටනි කුමාර් මහතා ඇතුළු මංත්‍රී මණ්ඩලය හා කාර්ය මණ්ඩලය සහභාගි විය .එම උත්සවයේ වියදම් සදහා වෙන්නප්පුව මැක්සීස් සමාගම හා ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතන කිහිපයක් විසින් අනුග්‍රහය ලබා දෙන ලදී. 

ආදායම් ප්‍රවර්ධන දිනය 2025.09.18

පළාත් පාලන සතිය ආදායම් ප්‍රවර්ධන දිනය සැප්තැම්බර් 18 දිනට යෙදී තිබුනි. වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ නිලධාරි මහත්ම මහත්වීන් විසින් ප්‍රදේශය තුල පිහිටි ව්‍යාපාර වෙත හා නිවාස වෙත ගොස් ආදායම් එක්රැස් කිරීමේ කටයුතු සිදු කළ අතර, සභාවේ කටයුතු පිළිබඳව ජනතාව දැනුවත් කිරිමේ අත්පත්‍රිකාවක් ද බෙදා දෙන ලදි. 

සනීපාරක්ෂක දිනය 2025.09.17

පළාත් පාලන සතිය තෙවන දිනය සැප්තැම්බර් 17 සනීපාරක්ෂක දිනයි.ඒ වෙනුවෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මෙහෙයවීමෙන් පහත සදහන් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. දංකොටුව නගරයේ කානු පද්ධති පවිත්‍ර කිරීම ඩෙංගු මදුරුවන් බෝවිය හැකි නිවාස හා ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කිරීම නගරයේ ව්‍යාපාරික ස්ථාන සදහා බාදාවක් වී පවතින ගස් අතු ඉවත් කිරීම . දංකොටුව ආයුර්වේද බෙහෙත් ශාලාවේ විශේෂ ප්‍රතිතිකාර ඒකකය විවෘත කිරීම . වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව බලප්‍රදේශයේ රාජ්‍ය ආයතන හා දංකොටුව වෙළඳ සංගමය එක්ව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

පරිසර හා රුක්රෝපන දිනය 2025.09.16

පළාත් පාලන සතිය පරිසර හා රුක් රෝපණ දිනය වෙනුවෙන් සැප්තැම්බර් 16 වන දින පලතුරු පැල රෝපනය කිරීම ඇටියාවල පොදු ඉඩමේදී සිදු කළ අතර කසල කළමනාකරණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සදහා වීථි නාට්‍ය ඉදිරිපත් කිරීම වෙන්නප්පුව බස් නැවතුම්පොළ භූමියේ දී හා ප්‍රධාන කාර්යාල භූමියේ දී පවත්වන ලදී.එම අවස්ථාවට වයඹ පළාත් ගරු ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මැතිතුමා සහ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ඇන්ටනි කුමාර් මැතිතුමා සහභාගි විය .

ජංගම සේවා දිනය 2025.09.15

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරන 2025 පළාත් පාලන සතිය වැඩසටහන් මාලවේ සමාරම්භක උත්සවය හා ජංගම සේවය මහයායවත්ත පුස්තකාල භූමියේ දී සැප්තැම්බර් 15න් දින පවත්වන ලදී.එම අවස්ථාවට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ඇන්ටනි කුමාර් මැතිතුමාගේ ආරාධනය පරිදි ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මැතිතුමා ,වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ගරු උප සභාපතිතුමා ඇතුළු මංත්‍රී මණ්ඩලය, පළාත් පාලන සහකාර කොමසාරිස් වින්ද්‍යා හේරත් මහත්මිය ,දංකොටුව ප්‍රාදේශීය ලේකම් විජානි වසන්තිකා මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් හා ප්‍රදේශවාසී ජනතාව සහභාගි විය 

සුවැති දිවියක් සඳහා යෝග

නිරෞශධ ප්‍රතිකාරමය සෞඛ්‍ය ප්‍රවේශයක් ලෙස 'සුවැති දිවියක් සඳහා යෝග ' - යෝග චිකිත්සාව හඳුන්වාදීමේ වැඩසටහන 2025. 8. 13 වනදින දංකොටුව නිදහස් ආයුර්වේද වෛද්‍ය මද්‍යස්ථාන ශ්‍රවනාගාරයේදී , වෙන්නප්පුව ප්‍රා.ස. ප්‍රජා සංවර්ධන කමිටු සභාපතිගේ ප්‍රධානත්වයෙන් වෙන්නප්පුව හා දංකොටුව ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ භාර ආයුර්වේද ප්‍රජා සෞඛය වෛද්‍ය නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් පැවැත්වුනි. සෑම මසකම දෙවෙනි බදාදා සහ හතරවෙනි බ්‍රහස්පතින්දා දිනවල පෙ.ව. 9.00 - 12.00 කාලය තුල යෝග චිකිත්සාව හා අභ්‍යාස අප ආයතනයේ දී පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතයි. H.D.C චාමරිකා චන්ද්‍රසේකර, වෛද්‍ය නිලධාරි, නිදහස් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය - දංකොටුව. 

2025 ගරු සභාපති,උප සභාපති ඇතුළු මන්ත්‍රී මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවය.

2025.05.06 දින පැවැත්වූ ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට අභිනවයෙන් තේරී පත්වූ ගරු සභාපති, උප සභාපති ඇතුළු මන්තී මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවය ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.06.02 දින වෙන්නප්පුව ප්‍රධාන කාර්‍යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේදී සිදු කල බව සතුටින් දැනුම් දෙමි. ඒ සදහා ශක්තිය ,ධෛර්ය ,සහයෝගය ලබා දුන් සියලු දෙනාටම ස්තුතිය පුදකර සිටිමි 

2024 ස්වර්ණ පුරවර සම්මාන ප්‍රදානය කිරීම

පළාත් පාලන අමාත්‍යාංශය මගින් පවත්වන ලද 2024 ස්වර්ණ පුරවර සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයේ දී පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ,වයඹ පළාතේ දෙවන ස්ථානය ,ප්‍රාදේශීය සභා 276 ක් අතරින් කළමනාකරණ ක්ෂේත්‍රයෙන් ප්‍රථම ස්ථානය ,සමස්ත ලකුණු සංඛ්‍යාව 608.75 ක් ලබාගෙන දිවයිනේ හයවන ස්ථානය වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව හිමිකර ගත් බව සතුටින් දැනුම් දෙමි.ඒ සදහා ශක්තිය ,ධෛර්ය ,සහයෝගය ලබා දුන් සියලු දෙනාටම ස්තුතිය පුදකර සිටිමි 

සෙන්දිරියාමුල්ල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට අයත් සෙන්දිරියාමුල්ල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩ ආරම්භ කර වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවති ප්‍රදේශයේ වී වගාව කරන ගොවීන් හා ගෙවතු වගාව කරන කාන්තාවන් කාබනික පොහොර භාවිතයට උනන්දු කිරීමේ අරමුණ ඇතිව හාල්දඩුවන ගොවින කේන්ද්‍රයේ සම්පත් දායකත්වය යටතේ පවත්වන ලද දැනුවත් කිරීමේ වැඩසටහන හා කාබනික පොහොර සහ ගෙවතු වගා බීජ බෙදීමේ වැඩසටහන පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි මස 11 දින සෙන්දිරියාමුල්ල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්යස්ථානයේ දී පවත්වන ලදී.එම වැඩසටහන සදහා සෙන්දිරියාමුල්ල ගරු විහාරාධිපති ස්වාමීන්වහන්සේ , දංකොටුව ප්‍රාදේශීය ලේකම්තුමිය ,හාල්දඩුවන ගොවිජන සංවර්ධන නිලධාරීතුමිය ,දංකොටුව පොලිස් ස්ථානාධිපතිතුමා ,ඇතුළු රාජ්‍ය නිලධාරීන් ,මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සහයෝගය ලබා දුන් ගම්වාසීන් ,තෝරා ගනු ලැබූ ගොවීන් හා ගොවි කාන්තාවන් ,වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ප්‍රජා සංවර්ධන නිලධාරීතුමා ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගි විය.මෙම වැඩසටහන ඉතා සාර්ථකව සංවිධානය කළ කෘෂි පර්යේෂණ නිලධාරී රෝයි මහතා ,ඝන අපද්‍රව්‍ය විෂයභාර නිලධාරී බාලසූරිය මහතා ,ඝන අපද්‍රව්‍ය මධ්යස්ථාන හාරකරු චන්දන මහතා ඇතුළු කාර්ය මණ්ඩලය වෙත ස්තුතිය පුදකර සිටිමි 

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ කටයුතු ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන

වෙන්නප්පුව ප්රාදේශීය සභාවේ කටයුතු ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම පළාත් පාලන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරී සරත් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ජනවාරි 07 දින සිදුකරන ලදී.ඒ අනුව වෙන්නප්පුව නගරයේ තොරතුරු රැස්කිරීම ජනවාරි 09 දින සිදු කරන ලදී .එම කටයුතු සදහා වෙන්නප්පුව වෙළඳ සංගමයේ සහයෝගය ද ලැබුනි.තොරතුරු රැස්කිරීම සදහා ආදායම් පරීක්ෂක නිලධාරීන් ,වැඩ පරිපාලක නිලධාරීන් සහ GIS ඒකකයේ කාර්ය මණ්ඩලය සහභාගි විය .එම වැඩසටහන සම්බන්ධීකරණය කළ නිලධාරීන් වෙත හා ආරම්භක පියවර සාර්ථක ලෙස නිම කිරීමට දායක වූ සියලුම දෙනා වෙත ස්තුතිය පුදකර සිටිමි .එම වැඩසටහනේ ඊලඟ පියවර සදහා ද සියලු දෙනාගේම සහයෝගය අපේක්ෂා කරමි.

පළාත් පාලන මට්ටමේ කර්‍යසාදන තරඟ විනිශ්චය 2025

Photo Collage

කාර්ය සාධන තරගයේ පළාත් මට්ටමේ තරග විනිශ්චය සදහා විනිශ්චය මණ්ඩලය අප්‍රේල් 10 දින වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව වෙත පැමිනෙන ලදී.සියලුම නිලධාරීන් විසින් කාර්ය සාධන තරගය සදහා සාර්ථකව තොරතුරු සකස්කර තිබුනි . ඉදිරිපත් කිරීම ද සාර්ථකයි. සියලුම නිලධාරීන් වෙත ස්තුතිය පුදකර සිටිමි.තොරතුරු සකස්කිරීම සදහා සහයෝගය ලබාදුන් සියලු දෙනාටත් ස්තුතියි .සභාවේ බාහිර ක්‍රියාකාරකම් ඉතා සාර්ථකව නිමකර තිබූ සියලු දෙනාටත් ස්තුතියි .නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස්තුමිය ඇතුළු විනිශ්චය මණ්ඩලයේ සියලු දෙනාටත් ස්තුතියි. තොරතුරු ඉදිරිපත් කරමින් සහයෝගය ලබා දුන් වෙන්නප්පුව හා දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමන්ලාට ,මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ලාට හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමියන්ට ස්තුතිය පුදකර සිටිමි . එකමුතු වෙමු.සතුටින් වැඩ කරමු. ලේකම්, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව