Our Services

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ක්‍රියාත්මක සේවාවන්

01. ක්‍රීඩාංගන වෙන් කරවා ගැනිම

ක්‍රීඩා පිට්ටනිය කුලියට ලබා ගැනීමේ සඳහා වූ ඉල්ලුම් පත්‍රය.

02. ව්‍යාපාර බදු ගෙවීමේ අයදුම්පත්‍රය

Provident nihil minus qui consequatur non omnis maiores. Eos accusantium minus dolores iure perferendis.

03. ආදාහනාගාර වෙන් කරවා ගැනිම

Provident nihil minus qui consequatur non omnis maiores. Eos accusantium minus dolores iure perferendis.

04. ශ්‍රවණාගාරය වෙන් කරවා ගැනිම

ශ්‍රවණාගාරය වෙන් කරවා ගැනිමේ අයදුම්පත.

05.ත්‍රී රෝද රථ ගාල් කිරිමේ බලපත්‍ර ලබා ගැනිම

ප්‍රාදේශීය සභාව වෙත පැමිණ ගෙවීම් කලයුතු වේ.

06. දැන්වීම් පුවරු හා බැනර් ප්‍රද‍ර්ශනයට අවසර දීම.

ප්‍රචාරක පුවරු / බැනර් ප්‍රදර්ශනය කිරීම සඳහා අයදුම් පත්‍රය

07. ප්‍රවර්ධන වැඩසටහන් සදහා අනුමැතිය ලබා දිම

ප්‍රාදේශීය සභාව වෙත පැමිණ අවසර ලබා ගත යුතුය.

08. වෙළද බලපත්‍රයක් ලබා ගැනිම

වෙළඳ බලපත්‍ර අයදුම්පත්‍ර 2025

09. සභාව සතු දේපල බදු දීම

බදු දීම අවසන්ව ඇත.

10. ‍‍වෙළඳ බලපත්‍ර සමීක්ෂණ වාර්තාව

වෙළඳ බලපත්‍ර සමීක්ෂණ වාර්තාව 2025.

11. වරිපනම් ලේඛනයේ තොරතුරු වෙනස් කිරීම.

වරිපනම් ඒකක වල නම ඇතුලත් කිරීම / නම වෙනස් කිරීම / තක්සේරුව අලුත් කිරීම.

12. හිමිකම් හා නොපවරා ගැනිමේ සහතික ලබා ගැනිම

නොපවරාගැනිමේ (විථිරේඛා) සහතික පතක් ලබා ගැනිම සඳහා වු අයදුම්පත.

13. බිම් කට්ටි අයදුම්පත් අනුමත කිරිම‍

ඔප්පුවේ හා අනුමත කිරීමට ඇති පිඹුරේ චායා පිටපත රැගෙන වෙන්නප්පුව ප්‍රධාන කාර්‍යාලය තාක්ෂණ නිළධාරී මහතා හමු වී ගැටලු නිරාකරණය කරගත යුතුයි.

14. පිඹුරුපත අනුමත කිරිම

ඔප්පුවේ හා අනුමත කිරීමට ඇති පිඹුරේ චායා පිටපත රැගෙන තාක්ෂණ නිළධාරී මහතා හමු වී ගැටලු නිරාකරණය කරගත යුතුයි.

15. අනුකූලතා සහතික නිකුත් කිරිම

අනුකූලතා සහතික නිකුත් කිරිමේ අයදුම් පත්‍රය.

16. අනුමත ගොඩනැගිල්ලේ කාලය දීර්ග කර ගැනීමේ අයදුම්පත ලබා ගැනිම

වසර 6 ක් දක්වා දීර්ග කල හැකි අතර, වසර 6ට වැඩිනම් නව සැලසුමක් ඉදිරිපත් කල යුතුය.

17. ජල සැපයුම් සදහා මාර්ග පළුදු කිරිම

Non et temporibus minus omnis sed dolor esse consequatur. Cupiditate sed error ea fuga sit provident adipisci neque.

18. ගොඩනැගිලි සැලසුම් අනුමත කිරිම

ඔප්පුව, ගොඩනැගිලි සැලසුම හා පිඹුරේ චායා පිටපත් රැගෙන තාක්ෂණ නිළධාරී මහතා හමු වී ගැටලු නිරාකරණය කරගත යුතුයි.

19. නව පරිසර බලපත්‍රයක් ලබා ගැනිම

නව පරිසර බලපත්‍රයක් ලබා ගැනිම සඳහා අයදුම් පත්‍රය.

20. පරිසර බලපත්‍රය අලුත් කිරිම

පරිසර බලපත්‍රය අලුත් කිරිම සඳහා අයදුම් පත්‍රය.

21. ගලී රථ සේවය

වැසිකිලි අපවිත්‍ර ජලය ඉවත් කිරීම සඳහා අයදුම්පත .

22. නිවාස වාණිජ සහ වෙළද පරිශ්‍ර වලින් මුදල් ගෙවා කසල බැහැර කිරිම

Non et temporibus minus omnis sed dolor esse consequatur. Cupiditate sed error ea fuga sit provident adipisci neque.

23. අනතුරුදායක ගස් සම්බන්ධයෙන් ක්‍රියා කිරිම

අනතුරුදායක ගස් පැමිනිලි සඳහා අයදුම් පත්‍රය.

24. නිදහස් ආයුර්වේද වෛද්‍ය සේවය

Non et temporibus minus omnis sed dolor esse consequatur. Cupiditate sed error ea fuga sit provident adipisci neque.

24. නිදහස් ආයුර්වේද වෛද්‍ය සේවය

Non et temporibus minus omnis sed dolor esse consequatur. Cupiditate sed error ea fuga sit provident adipisci neque.

26. මහජන පුස්තකාල සේවා

Non et temporibus minus omnis sed dolor esse consequatur. Cupiditate sed error ea fuga sit provident adipisci neque.

27. ආදාහනාගාර සේවා

Non et temporibus minus omnis sed dolor esse consequatur. Cupiditate sed error ea fuga sit provident adipisci neque.

28. පොදු වෙළද සැල් සේවා

Non et temporibus minus omnis sed dolor esse consequatur. Cupiditate sed error ea fuga sit provident adipisci neque.

29. පෙර පාසල් සේවා

Non et temporibus minus omnis sed dolor esse consequatur. Cupiditate sed error ea fuga sit provident adipisci neque.

30. සතිපොල සේවා‍

Non et temporibus minus omnis sed dolor esse consequatur. Cupiditate sed error ea fuga sit provident adipisci neque.

31. මාර්ග සංවර්ධනය

Non et temporibus minus omnis sed dolor esse consequatur. Cupiditate sed error ea fuga sit provident adipisci neque.

පළාත් පාලන ආයතනය පිළිබද හැදින්වීම

ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ දකුණු සීමාවේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව පිහිටා ඇත. වර්ග සැතපුම් 47 ක විශාලත්වයෙන් යුතු තැනිතලා ප්‍රදේශයක් වන වෙන්නප්පුව වෙරළබඩ ආසන්නයේ පිහිටා ඇත. මෙහි ප්‍රධාන නගර වෙන්නප්පුව හා දන්කොටුව වේ. වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට උතුරින් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා කොට්ඨාස සීමාවද, නැගෙනහිරින් දන්කොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවද, දකුණින් මා ඔයෙන් හා ගම්පහ දිස්ත්‍රික් සීමාවද බටහිරින් ඉන්දීය සාගරයද වේ.

වෙන්නප්පුව නමින් මේ ගම හැදින්වීම පිළිබද මතිමතාන්තර කිහිපයක් වේ. එක් මතයක් වනුයේ මෙහි විසූ වන්නියාර්වරයෙක් නිසා වෙන්නප්පුව යන නම ඇති වූ බවයි. වන්නියාර් විසූ පුරය වන්නියාර් පුරය ලෙසත්, එය පසුව වෙන්නප්පුවපුරය වෙන්නප්පුව ආදී ලෙසත් වෙනස් වූ බව ඔවුන්ගේ අදහසයි.

අන්තර්මාධ්‍ය කෘෂි කාලගුණික කලාපයට අයත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මිනිස් කටයුතු, ශාක හා ජීවින් කෙරෙහිද හිතකර තත්ත්වයක පවතී‍. මෙම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කැපී පෙනෙන සෘතු භේදයක් දක්නට නැත. එහෙත් වර්ෂයේ අවම උෂ්ණත්වය දෙසැම්බර් හා ජනවාරි කාලයන්හි පැවතේ.

වෙන්නප්පුව කොට්ඨාසයේ පසෙහි විශේෂත්වයක් දක්නට ලැබේ. මාඔය සිට උතුරු දෙසට විහිදෙන වෙරළෙහි මීටර් 200 සිට 300 පමණ රට අභ්‍යන්තරය දක්වා පැතිරී යන වැලිපස කොට්ඨාසයේ උතුරු මායිම දක්වා විහිදී යයි. මුහුදුබට තීරයේ උතුරු දෙසට මා ඔය සිට නයිනමඩම දක්වා විහිදෙන තරමක් මැටි දියරු පසක් දක්නට ලැබේ. මුහුදු වෙරළේ සිට කි.මි ¾ දක්වා නැගෙනහිර දෙසට ව්‍යාප්ත තීරුවක් ලෙස මා ඔය සිට ඉතා ගැඹුරු ලෝම පසක් වන රොගොසාල් පස පැතිරී ඇති අතර, මෙය ලංකාවේ සීමිතව පැතිරී ඇත.

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නැගෙනහිර සීමාවතුළ වැඩි බෞද්ධ ජනගහනයක් ජීවත්වන අතර, බටහිර සීමාව තුල 90% පමණ රෝමාණු කතෝලික පිරිසක් ජීවත් වේ. ප්‍රධාන වගාව වශයෙන් පොල් වගාව සිදුකරන අතර, කඹුරු ගොවිතැන ද යම් ප්‍රමාණයකට සිදු කරණු ලැබේ. ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණ ආයතනය මෙම බල ප්‍රදේශයේ ලුණුවිල පිහිටා තිබීම විශේෂයකි.

කොහු කර්මාන්තයට අමතරව ‍උළු කර්මාන්තයට ද මෙම ප්‍රදේශය ප්‍රසිද්ධියක් උසුලයි. උළු කර්මාන්ත ශාලා 300 ක් පමණ දැනට පිහිටා ඇත. ධීවර කර්මාන්තය ද සාර්ථකව ක්‍රියාත්මක වන අතර, සංචාරක ව්‍යාපාරය ද මුහුදු තීරයේ ක්‍රියාත්මක වේ.

මෙම ප්‍රදේශයට විශේෂිත වූ කාරණයක් වන්නේ මෙම ප්‍රදේශියේ ජීවත් වන පවුල් වල වැඩි දෙනෙක් යුරෝපීය රටවල රැකියා සදහා ගොස් තිබීමයි. එම හේතුව නිසා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලබාදෙන ප්‍රදේශයකි.

ඒ අතර මෙම බල ප්‍රදේශය තුල ආසියාවේ විශාලම ජනපදය වන සිරිගම්පල ජනපදය ද පිහිටා තිබීම ද විශේෂ වේ. බස්නාහිර පළාතට මායිම්ව තිබීම කටුනායක ගුවන් තොටුපළට කි.මි 25 ක පමණ දුරින් පිහිටා තිබීම හා කොළඹ යාපනය A3 මාර්ගය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හරහා කි.මි 40 ක් පමණ විහිදී තිබීම ද විශේෂත්වයකි. ඒ අනුව වෙන්නප්පුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සමස්ත රටේ සංවර්ධනය සමග බද්ධව ඉදිරියට යන ප්‍රදේශයක් ලෙස හැදින්විය හැක.

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට අයත් කාර්යාල

  • වෙන්නප්පුව ප්‍රධාන කාර්යාලය - 031-2255276
  • දන්කොටුව උපකාර්යාලය - 031-2258175
  • කිරිමැටියාන උපකාර්යාලය - 031-2256544
  • කම්මල්පත්තුව උපකාර්යාලය - 031-2255275