About
Esse dolorum voluptatum ullam est sint nemo et est ipsa porro placeat quibusdam quia assumenda numquam molestias.
අයවැය ප්‍රතිපත්ති ප්‍රකාශය.
අයවැය ප්‍රතිපත්ති ප්‍රකාශය වෙන්නප්පුව හා දංකොටුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ දෙක මගින් ආවරණය වන වෙන්නප්පුව ප්‍රාදේශිය සභාව “පහසුකම් සපිරි යහපාලිත පුරවරයක්” යන දැක්ම යටතේ පොදු පරිපාලන හා කාර්ය මණ්ඩල සේවා , සෞඛ්‍ය සේවා , භෞතික සැලසුම් / මංමාවත් / ඉඩම් හා ගොඩනැගිලි ඇතුළු ඉදිකිරීම් සේවා , ජල / විදුලි ඇතුළු පොදු උපයෝගිතා සේවා හා සුභ සාධක සේවා යන වැඩසටහන් යටතේ වූ විශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබේ. මෙසේ මෙම කාර්යභාරය ඉටුකිරීමේදී ප්‍රදේශයේ ජන අවශ්‍යතා වලට ප්‍රමුඛත්වයක් ලබා දෙමින් , ඒවා සාධාරණ හා ප්‍රසස්ථ මට්ටමින් ඉටුකරන අතරතුර , සභාවේ කාර්ය සාධනය ද වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතිව 2022 වර්ෂය සදහා අයවැය ලේඛනය සකස් කිරීමේදි පහත සදහන් ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කර ඇත.
- සභාවේ සේවාවන් පොදු පරිපාලනය , සෞඛ්‍ය සේවා , භෞතික සැලසුම් , පොදු උපයෝගිතා සේවා හා සුභ සාධක සේවා වශයෙන් වැඩසටහන් 5 ක් යටතේ වර්ග කර ඇති අතර මූල්‍ය ප්‍රගතිය වෙන්කර හඳුනා ගැනීමේ අවශ්‍යතාවය මත සෞඛ්‍ය සේවා හා සුභ සාධක සේවා යන වැඩසටහන් දෙක පහත සඳහන් පරිදි ව්‍යාපෘති 5 ට බෙදා වෙන් කොට ඇත.
- සෞඛ්‍ය සේවා - සෞඛ්‍ය හා සනීපාරක්ෂාව / ආයුර්වේද වෛද්‍ය / කසල කළමණාකරණය / පරිසර කළමණාකරණය / සුසාන භූමි හා ආදාහනාගාර
- සුභ සාධක සේවා - පුස්ථකාල / පෙර පාසැල් / ක්‍රීඩා පිටි / ප්‍රජා මධ්‍යස්ථාන / සමාජ සේවා
- 2022 වර්ෂයේ මෙන්ම 2023 වර්ෂය සඳහාද සභාවේ වරිපනම් බදු අය කිරීමේ ප්‍රතිශතය 4% වේ.
- වෙළද බලපත්‍ර ගාස්තු හා ව්‍යාපාර බදු අය කිරීම ප්‍රාදේශීය සභා පනතේ ලැබී ඇති බලතල වලට අනුව වාර්ෂිකව බදු පැනවිම මගින් ක්‍රියාත්මත කරනු ලැබේ.
- සභාව සතු දේපල නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් බදු දීමට කටයුතු කෙරේ.
- සභාවේ මාර්ග නඩත්තුව හා මාර්ග සංවර්ධන වැඩසටහන් කොට්ඨාශ අනුව වෙන්කර ප්‍රමුඛතා සැලැස්මකට අනුව ඉටු කිරීමට අපේක්ෂා කෙරේ.
- ඒ අනුව සභාවේ සමස්ථ ආදායමෙන් . . .
I. 17.72% ක් ස්වයං උද්පාදිත ආදායම් මගින් ද,
II. 53.77% ක් ව්‍යවස්ථාපිත ආදායම් මගින් ද,
III. 28.51% රජයේ ප්‍රදාන (වැටුප් ප්‍රතිපූර්ණ) මගින් ද,
සම්පාදනය කරගැනීමට අපේක්ෂා කෙරේ. - සභාවේ වියදම් වලින් මිලියන 281 සාමාන්‍ය පරිපාලනය සඳහා ද , මිලියන 75ක් වාහන / යන්ත්‍ර / ගොඩනැගිලි / මාර්ග ඇතුළු ප්‍රාග්ධන වත්කම් නඩත්තුව සඳහා ද , මිලියන 12 ක් ප්‍රදේශයේ දිළිඳු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලීම වෙනුවෙන් වූ සහනාධාර සඳහා ද වශයෙන් රුපියල් මිලියන 368ක් පුනරාවර්ථන වියදම් සඳහා වෙන්කර ඇත.
- සභාවේ ප්‍රාග්ධන වියදම් ලෙස කාර්යාල සංවර්ධනය සඳහා මිලියන 1.2 ද , සෞඛ්‍ය / ආයුර්වේද / කසල කළමනාකරණය සඳහා මිලියන 6ක්ද, මාර්ග සංවර්ධනය සඳහා මිලියන 2.5.ක් ද , උපයෝගීතා සේවා සඳහා මිලියන 2.3ක් ද , පුස්ථකාල / පෙර පාසැල් / ක්‍රීඩා පිටි / ප්‍රජා ශාලා ඇතුළු සුභසාධන සේවා සඳහා මිලියන 18.3ක් ද වශයෙන් රුපියල් මිලියන 30.3 ක් වෙන් කර ඇත.
දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
මුළු ජනග්‍රහණය
ස්ත්‍රී ජනග්‍රහණය
පුරුෂ ජනග්‍රහණය
වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය .
මුළු ජනග්‍රහණය
ස්ත්‍රී ජනග්‍රහණය
පුරුෂ ජනග්‍රහණය
මුළු ජනග්‍රහණය
පළාත් පාලන ආයතනය පිළිබද හැදින්වීම
ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ දකුණු සීමාවේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව පිහිටා ඇත. වර්ග සැතපුම් 47 ක විශාලත්වයෙන් යුතු තැනිතලා ප්‍රදේශයක් වන වෙන්නප්පුව වෙරළබඩ ආසන්නයේ පිහිටා ඇත. මෙහි ප්‍රධාන නගර වෙන්නප්පුව හා දන්කොටුව වේ. වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට උතුරින් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා කොට්ඨාස සීමාවද, නැගෙනහිරින් දන්කොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවද, දකුණින් මා ඔයෙන් හා ගම්පහ දිස්ත්‍රික් සීමාවද බටහිරින් ඉන්දීය සාගරයද වේ.
වෙන්නප්පුව නමින් මේ ගම හැදින්වීම පිළිබද මතිමතාන්තර කිහිපයක් වේ. එක් මතයක් වනුයේ මෙහි විසූ වන්නියාර්වරයෙක් නිසා වෙන්නප්පුව යන නම ඇති වූ බවයි. වන්නියාර් විසූ පුරය වන්නියාර් පුරය ලෙසත්, එය පසුව වෙන්නප්පුවපුරය වෙන්නප්පුව ආදී ලෙසත් වෙනස් වූ බව ඔවුන්ගේ අදහසයි.අන්තර්මාධ්‍ය කෘෂි කාලගුණික කලාපයට අයත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මිනිස් කටයුතු, ශාක හා ජීවින් කෙරෙහිද හිතකර තත්ත්වයක පවතී. මෙම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කැපී පෙනෙන සෘතු භේදයක් දක්නට නැත. එහෙත් වර්ෂයේ අවම උෂ්ණත්වය දෙසැම්බර් හා ජනවාරි කාලයන්හි පැවතේ.
වෙන්නප්පුව කොට්ඨාසයේ පසෙහි විශේෂත්වයක් දක්නට ලැබේ. මාඔය සිට උතුරු දෙසට විහිදෙන වෙරළෙහි මීටර් 200 සිට 300 පමණ රට අභ්‍යන්තරය දක්වා පැතිරී යන වැලිපස කොට්ඨාසයේ උතුරු මායිම දක්වා විහිදී යයි. මුහුදුබට තීරයේ උතුරු දෙසට මා ඔය සිට නයිනමඩම දක්වා විහිදෙන තරමක් මැටි දියරු පසක් දක්නට ලැබේ. මුහුදු වෙරළේ සිට කි.මි ¾ දක්වා නැගෙනහිර දෙසට ව්‍යාප්ත තීරුවක් ලෙස මා ඔය සිට ඉතා ගැඹුරු ලෝම පසක් වන රොගොසාල් පස පැතිරී ඇති අතර, මෙය ලංකාවේ සීමිතව පැතිරී ඇත.
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නැගෙනහිර සීමාවතුළ වැඩි බෞද්ධ ජනගහනයක් ජීවත්වන අතර, බටහිර සීමාව තුල 90% පමණ රෝමාණු කතෝලික පිරිසක් ජීවත් වේ. ප්‍රධාන වගාව වශයෙන් පොල් වගාව සිදුකරන අතර, කඹුරු ගොවිතැන ද යම් ප්‍රමාණයකට සිදු කරණු ලැබේ. ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණ ආයතනය මෙම බල ප්‍රදේශයේ ලුණුවිල පිහිටා තිබීම විශේෂයකි.
කොහු කර්මාන්තයට අමතරව උළු කර්මාන්තයට ද මෙම ප්‍රදේශය ප්‍රසිද්ධියක් උසුලයි. උළු කර්මාන්ත ශාලා 300 ක් පමණ දැනට පිහිටා ඇත. ධීවර කර්මාන්තය ද සාර්ථකව ක්‍රියාත්මක වන අතර, සංචාරක ව්‍යාපාරය ද මුහුදු තීරයේ ක්‍රියාත්මක වේ.
මෙම ප්‍රදේශයට විශේෂිත වූ කාරණයක් වන්නේ මෙම ප්‍රදේශියේ ජීවත් වන පවුල් වල වැඩි දෙනෙක් යුරෝපීය රටවල රැකියා සදහා ගොස් තිබීමයි. එම හේතුව නිසා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලබාදෙන ප්‍රදේශයකි.
ඒ අතර මෙම බල ප්‍රදේශය තුල ආසියාවේ විශාලම ජනපදය වන සිරිගම්පල ජනපදය ද පිහිටා තිබීම ද විශේෂ වේ. බස්නාහිර පළාතට මායිම්ව තිබීම කටුනායක ගුවන් තොටුපළට කි.මි 25 ක පමණ දුරින් පිහිටා තිබීම හා කොළඹ යාපනය A3 මාර්ගය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හරහා කි.මි 40 ක් පමණ විහිදී තිබීම ද විශේෂත්වයකි. ඒ අනුව වෙන්නප්පුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සමස්ත රටේ සංවර්ධනය සමග බද්ධව ඉදිරියට යන ප්‍රදේශයක් ලෙස හැදින්විය හැක.
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට අයත් කාර්යාල
Testimonials
Necessitatibus eius consequatur ex aliquid fuga eum quidem sint consectetur velit







